විභාගය පැවති දිනය: 2021.11.27

විභාගය සමත් වූවන්ගේ නාම ලේඛනය. Click Here

 

මාර්තු මස 02 දිනට යෙදෙන සිංහල භාෂා දිනය සැමරීම සඳහා වූ වැඩසටහනක් 2023 මාර්තු 02 දින කුරුණෑගල ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.  ගනේවත්ත කොට්ඨාසයේ පාසැල් ළමුන් අතර පවත්වනු ලබන භාෂා තරඟවලින් ජයග්‍රහණය කරන ලද 50 දෙනෙකුට වටිනා ත්‍යාග සහ සහතික පත්‍ර ලබාදීම, ගනේවත්ත කොට්ඨාසයේ පාසැල් 17 ක පුස්තකාල සඳහා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන ඇතුළත් පොත් කට්ටල් ලබාදීම සහ භාෂාව පිළිබඳ වැදගත් දේශනවලින් යුත් වැඩසටහනක් පැවැත්වීම මෙහිදී සිදු කෙරේ.   රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව සහ ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබේ.

රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව හා මොරටුව විශ්වවිද්‍යාලය එක්ව භාෂා පරිවර්තන කටයුතු සඳහා භාවිත කළ හැකි “පරිගණක උපකෘත මෙවලම්” පිළිබඳව දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහනක් 2023.01.12 දින පවත්වන ලදි. මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක අංශයේදී පැවති මෙම පුහුණූ වැඩසටහන සඳහා භාෂා පරිවර්තක නිලධාරීන් 59 දෙනෙකු සහභාගී වන ලදී.

 SITA IMG1  SITA IMG2
 SITA IMG3  SITA IMG4
 SITA IMG5

 

 

 

 

භාෂා විද්‍යාගාරය මඟින් පවත්වන සියලු පාඨමාලාවන් හි සමාරම්භක වැඩ සටහන 2023.02.07 වන දින පැවැත්වේ.

එදින පාඨමාලා සඳහා ලියාපදිංචි විය හැක.

 

 

භාෂා පරිවර්තන ඉල්ලීම් වලට අදාල මෘදු පිටපත් doltrdv@gmail. com වෙත යොමු කරන්න. ඒ සමඟ අදාල කාර්යය සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරියාගේ නම සහ දුරකථන අංකයද සඳහන් කරන්න.

වැඩි විස්තර සඳහා,
සෙව්වන්දි ජයවීර මිය - 0112 877 231