රජයේ නිල භාෂා පරිවර්තකයා වශයෙන් කටයුතු කරන රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ “භාෂා පරිවර්තන අංශය “ මගින් පහත සේවා සපයනු ලැබේ.
- රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවලට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් භාෂා පරිවර්තන පහසුකම් සැපයීම. රාජ්‍ය ආයතනවලින් ගාස්තු අය නොකරන අතර, අර්ධ රාජ්‍ය ආයතනවලින් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 12/2003(iv) ප්‍රකාරව ගාස්තු අය කරනු ලැබේ.
- දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ පිහිටුවා ඇති bhashawa.lk වෙබ් අඩවිය ඔස්සේ ඕනෑම අයෙකුට/ඕනෑම ආයතනයකට සුදුසුකම්ලත් භාෂා පහසුකම් සපයන්නෙකු තෝරාගෙන ස්වකීය පරිවර්තනයක් ඉටුකර ගැනීමට පහසුකම් සැපයීම. (රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 26/2016 ප්‍රකාරව නියමිත ගාස්තු ගෙවිය යුතුය.)
- දෙපාර්තමේන්තුව විසින් තෝරාගනු ලැබූ විදේශ භාෂා පරිවර්තනය සඳහා සුදුසුකම් ලත් භාෂා පහසුකම් සපයන්නන්ගේ සංචිතය හරහා චීන, ප්‍රංශ, ජර්මන්, හින්දි සහ ජපන් භාෂා පරිවර්තන ඉටුකරගැනීමට පහසුකම් සැපයීම.
- භාෂා පරිවර්තනය පිළිබඳ උපාධි අපේක්ෂකයන් සඳහා “ප්‍රායෝගික භාෂා පරිවර්තනය” පිළිබඳව පුහුණු ලබා දීම.
රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවලට භාෂා පරිවර්තන ඉල්ලීම් තැපැල් මගින් හෝ විද්‍යුත් තැපෑල මගින් හෝ අතින් ගෙනවිත් භාරදීමේ හැකියාව ඇත. ඉදිරිපත් කරනු ලබන භාෂා පරිවර්තන ඉල්ලීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කිරීමේ පහසුව පිණිස ඔබ ආයතනයේ නිලධාරියෙකුගේ නම සහ දුරකථන අංකය ද භාෂා පරිවර්තන ඉල්ලීම සමග අප වෙත ලබා දිය යුතු ය.
රාජ්‍ය භාෂා කොමසාරිස් (පරිවර්තන) - රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව,
නො. 341/7,
කෝට්ටේ පාර, රාජගිරිය.
නො. 341/7,
කෝට්ටේ පාර, රාජගිරිය.
011- 2877231
අංශ ප්‍රධානි
![]() |
ෂමින්ද මහලේකම් මයා 011 – 2877231 071 – 8004843 |
සෙසු නිලධාරීන්
![]() |
වජිරා ලසන්ති මිය |
![]() |
මාධවී පතිරණ මිය |
![]() |
සඳනි යාපා මෙය |