logo

2019.09.30 වන දිනට යෙදෙන ජාත්‍යන්තර භාෂා පරිවර්තන දිනය වෙනුවෙන් “භාෂා පරිවර්තනය සහ ස්වදේශීය භාෂා” යන තේමාව යටතේ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් දෙවන වරටත් කෙටි කතා පරිවර්තන තරගාවලිය පැවැත්වීමට නියමිත අතර මෙය ග්‍රන්ථ පරිවර්තනයට යොමු වන්නන්ට අත්වැලක් සැපයීමේ අරමුණ පෙරදැරිව සංවිධානය කරනු ලැබේ.

මේ සමග අමුණා ඇති අයදුම් පත්‍රය සම්පූර්ණ කොට ලියුම් කවරයේ වම්පස ඉහළ කෙළවරේ “කෙටි කතා පරිවර්තන තරගාවලිය - 2019” ලෙස සඳහන් කර 2019.07.12 වන දින හෝ ඊට පෙර රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව, නො. 341/7, කෝට්ටේ පාර, රාජගිරිය යන ලිපිනයට තැපැල් කිරීම මඟින් හෝ www.langaugesdept.gov.lk යන වෙබ් අඩවියේ කෙටි කතා පරිවර්තන තරගාවලිය - 2019 යනුවෙන් සඳහන් සබැඳිය මත ක්ලික් කර එහි ඇති ගූගල් අයදුම් පත්‍රය සම්පූර්ණ කිරීම මඟින් හෝ තරගය සඳහා ලියාපදිංචි විය හැකි ය.

එසේ ලියාපදිංචි වූ පසු, පරිවර්තනය කිරීම සඳහා කෙටි කතා අප විසින් ඔබ වෙත ලැබීමට සලස්වන අතර එක් එක් මාධ්‍යයෙන් තෝරා ගනු ලබන ජයග්‍රාහී නිර්මාණ "සුභාෂා" සමරු කලාපයේ පළ කරනු ලැබේ.

සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා මාධ්‍යයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ කොන්දේසි පහත දැක්වේ.

පොදු කොන්දේසි

  • පසුගිය වසරේ කෙටිකතා පරිවර්තන තරගයට සහභාගි වී ජයග්‍රහණය කළ තරගකරුවන්ට මෙවර සහභාගි විය නොහැකි ය.
    පරිවර්තනය සඳහා කැමැත්තක් දක්වන සැමට මෙම තරගයට සහභාගි විය හැකි ය.‍
  • මෙම තරගය මාධ්‍ය හතරකින් පැවැත්වේ. (එනම්, ඉංග්‍රීසියෙන් සිංහලට, සිංහලෙන් දෙමළට, දෙමළෙන් සිංහලට, ඉංග්‍රීසියෙන් දෙමළට)
    ඔබට අයදුම් කළ හැක්කේ මේ සමඟ අමුණා ඇති අයදුම් පත්‍රයේ සඳහන් පරිවර්තන භාෂා මාධ්‍යයන්ගෙන් එක් මාධ්‍යයකට පමණකි.
  • එක් මාධ්‍යයකට වඩා තෝරා ඇති අයදුම් පත්‍ර ප්‍රතික්ෂේප කරනු ලැබේ.
  • පරිවර්තනය කළ හැක්කේ අප විසින් තෝරා දෙනු ලබන කෙටි කතාවක් පමණකි.
  • අයදුම් පත්‍රයේ හැර නිර්මාණයෙහි තරගකරු පිළිබඳ කිසිදු සඳහනක් නොකළ යුතු ය. අයදුම් පත්‍රය අප ආයතනය වෙත යොමු කළ පසු ඔබ වෙත ලබා දෙන අනු අංකය පමණක් එහි සඳහන් කළ යුතු ය.

තරග කොන්දේසි

  • ඔබගේ පරිවර්තන PDF කළ සහ නොකළ (Word Document) පිටපත් දෙකකින් විද්‍යුත් තැපැල් මාර්ගයෙන් අප වෙත ලැබීමට සලස් වන්න.
  • ඔබගේ පරිවර්තනය නියමිත පරිදි අර්ථ කථනය කර තිබිය යුතු අතර අක්ෂර වින්‍යාස සහ ව්‍යාකරණ දෝෂවලින් තොර විය යුතු ය.

වැඩිදුර තොරතුරු සඳහා 0112888934 (දිගුව – 226) අමතා භාෂා පරිවර්තන මධ්‍යස්ථානය හෝ www.languagesdept.gov.lk හෝ DOL – International Translation Day 2019 යන නිල ෆේස්බුක් පිටුව හෝ හරහා සම්බන්ධ වන්න.

ලියාපදිංචි වීම සඳහා : මෙහි ක්ලික් කරන්න

අයදුම්පත බාගත කිරීමට : මෙහි ක්ලික් කරන්න