පරිවර්තනය කළ යුතු ලේඛනය එවිය යුත්තේ කුමන ඊ මේල් ලිපිනයට ද ?

translate[at]languagesdept.gov.lk

පරිවර්තනය කළ යුතු ගොනුව එවිය යුත්තේ කෙසේ ද ?

වෙබ් අඩවියේ ඇති ආකෘති පත්‍රය පුරවා අදාළ පරිවර්තනය කළ යුතු ගොනුව සමඟ අපගේ විද්‍යුත් තැපෑල වෙත යොමු කරන්න.

භාෂා පරිවර්තන සංචිතයට ඇතුළත් විය හැක්කේ කෙසේ ද ?

වාර්ෂිකව පවත්වනු ලබන විභාගයෙන් සමත් වු පසු වෙබ් අඩවියට නම ඇතුළත් කරනු ලැබේ. ඒ සඳහා සැකසූ අයදුම් පතක් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමෙන් අනතුරුව පරීක්ෂණය පැවැත්වෙන දින තීරණය කොට අයදුම්කරුවන් වෙත දැනුම් දීමට කටයුතු කෙරේ.‍

දිවුරුම් දුන් භාෂා පරිවර්තන සංචිතයට ඇතුළත් විය හැක්කේ කෙසේ ද ?

ඒ පිළිබඳව අධිකරණ අමාත්‍යාංශයෙන් විමසිය යුතුය.

වෙබ් අඩවියේ ඇති භාෂා පරිවර්තකයන්ගේ නම් සහ ලිපිනයන් වෙනස් කිරීම සඳහා කළ යුත්තේ කුමක් ද ?

ඒ සඳහා නිවැරදි දත්ත ඇතුළත් කොට ඉල්ලීම් ලිපියක් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන්න.

රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව මඟින් හදිසි පරිවර්තන සිදු කරගන්නේ කෙසේ ද ?

විශාල පරිවර්තන ප්‍රමාණයක් ලැබෙන බැවින් ප්‍රමාණවත් කාලයක් නොමැතිනම් පරිවර්තන සිදුකර දිය නොහැකි බවත්, එම පරිවර්තන අප වෙබ් අඩවියේ ඇති භාෂා පරිවර්තන සංචිතයේ නිලධාරීන් මඟින් ඉටු කර ගන්නා ලෙසත් ඒ සඳහා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 12/2003 (1) අනුව ගාස්තු ගෙවන ලෙසත් දන්වනු ලැබේ.