Cart empty

භාෂා විද‍්‍යාගාරය

සිංහල දෙමළ, ඉංග්‍රීසි භාෂාවන්ට අමතරව විදේශීය භාෂා පිළිබඳ ප්‍රවීණතාව ලබා ගැනීම සඳහා භාෂා විද්‍යාගාරයේ භාෂා පාඨමාලා පවත්වනු ලැබේ. භාෂා ඉගෙනුම් හා ඉගැන්වීම් ක්‍රියාවලිය වඩාත් සක්‍රියව ක්‍රියාත්මක කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ.

භාෂා විද්‍යාගාරයේ අනුමත ගුරුවරු- බාගත කරන්න

භාෂා විද්‍යාගාරය මඟින් පවත්වනු ලබන පාඨමාලා මොනවාද?

භාෂා පාඨමාලා

  • සිංහල
  • ජර්මන්
  • රුසියානු
  • දෙමළ
  • හින්දි
  • චීන
  • ඉංග්‍රීසි
  • ඉතාලි
  • අරාබි
  • ප්‍රංශ
  • ජපන්
  • කොරියන්
  • විදේශිකයන් සඳහා සිංහල/දෙමළ

මනා පුහුණුව ලැබූ භාෂා උපදේශකවරුන් විසින් සියලූම පාඨමාලා පවත්වනු ලැබේ.

සිංහල හා දෙමළ භාෂා ඉගැන්වීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන අතර දෙවන භාෂාවක් ලෙස හදාරන සිසුන් සඳහා පමණක් මෙම පාඨමාලා සැලසුම් කොට ඇත.

මෙම පාඨමාලා කවුරුන් සඳහාද?

  • රාජ්‍ය නිලධාරීන්.
  • රජයට අනුබද්ධ ආයතනගත නිලධාරීන්.
  • පෞද්ගලික අංශයේ නිලධාරීන්.
  • අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් පුද්ගලයන්.
  • භාෂා පිළිබඳ උනන්දුවක් ඇති අය සඳහා.

පාඨමාලා සඳහා ලියාපදිංචි වන්නේ කෙසේද?

අර්ධවාර්ෂික වශයෙන් භාෂා පාඨමාලා සඳහා බඳවා ගැනීම සිදු කරනු ලැබේ. පුවත්පත් දැන්වීමට අනුව සම්මුඛ පරීක්ෂණයක් මඟින් පාඨමාලා සඳහා සිසුන් තෝරා ගනු ලැබේ.

සම්මුඛ පරීක්ෂණයේදී පහත සඳහන් ලිපි ලේඛන ඉදිරිපත් කළ යුතුය.

  • පරිගණක ගත කරන ලද ජීව දත්ත පත්‍රිකාව
  • උසස්ම අධ්‍යාපන හෝ වෘත්තීය සහතිකයේ ඡායා පිටපතක්
  • වර්ණ ඡායාරූපයක්

අදාළ පාඨමාලා ගාස්තු ගෙවීමෙන් පසුව පමණක් ලියාපදිංචි කරනු ලැබේ.

පාඨමාලා කාල සීමාව කොතෙක්ද?

  • සතියේ දිනවල පමණක් පැය 02ක බැගින් පැය 48 කි. (මාස 06 ක්)

පාඨමාලා ගාස්තුව කීයද?

මූලික පාඨමාලා උසස් පාඨමාලා විශේෂ කථන පුහුණු පාඨමාලා
රු: 7500. 00 රු: 8000. 00 රු: 7500. 00

පාඨමාලාව අවසානයේදී............?

  • මෙම පාඨමාලා කෙටි කාලීන කඩිනම් පුහුණු පාඨමාලා වන අතර මෙහි මුඛ්‍ය පරමාර්ථය කථන භාෂා පුහුණුව වේ. ව්‍යක්තභාවය වාග් විලාසය සහ නියමිත උච්චාරණය පුහුණු කිරීම හා ක්‍රියාකාරී ව්‍යාකරණය (Functional Grammar) පිලිබඳ අවබෝධයක් ලබා දීමය.
  • භාෂා පාඨමාලාවන්හි අවසානයේ දී පවත්වනු ලබන චාචික හා ලිඛිත පරීක්ෂණය සාර්ථක ලෙස සමත්වන සිසුන් සඳහා සහතිකපත් පිරිනමනු ලැබේ.

යාවත්කාලීනය: 16-02-2018
ඉහළට