ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ භාෂා පුහුණු පාඨමාලා දශාධික කාලයක් පුරා ක්‍රියාත්මක කරනු ලැබේ. භාෂා විද්‍යාගාරය යනු නවීන තාක්ෂණය භාවිතයෙන් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය රසවත් අත්දැකීම් බවට පත් කරන සැලසුම් සහගත අධ්‍යයන අවකාශයකි. මෙහි දී ගුරුවරයා හා භාෂා සිසුන් අතර, සම්ප්‍රදායික දේශන පිටපත් කිරීමෙන් බැහැර වී ගුරුවරයාගේ ඉගෙනුම් ආධාරක සෘජුව සිසුන් වෙත සම්ප්‍රේශනය කරවීමට හා නවීන ඩිජිටල් ක්‍රමවේද ඔස්සේ සිසුන්ට ගුරුවරයා හා සම්බන්ධ වීමට පහසුකම් සලසා ඇත. මෙමඟින් වඩා ඵලදායී අන්තර් සම්බන්ධිත අධ්‍යයන ක්‍රියාවලියට අවකාශ සැලසේ.

භාෂා පුහුණුකරුවන් බඳවාගැනීම

පහත සඳහන් භාෂා පුහුණු පාඨමාලාවන් සඳහා භාෂා උපදේශකවරු බඳවාගැනීමට රාජ්ය7 භාෂා දෙපාර්තමේන්තුව විසින් සැළසුම් කර ඇත.

  • සිංහල
  • දෙමළ
  • ඉංග්රීභසි
  • විදේශ භාෂා

මේ සඳහා කැමැති අයවලුන් වේ නම් සම්පූර්ණ කරන ලද අයදුම් පත් ලියාපදිංචි තැපෑලෙන් පහත ලිපිනයට ලැබීමට සළස්වන මෙන් කාරුණිකව දැනුම් දෙනු ලැබේ.

කොමසාරිස් ජනරාල්,
රාජ්ය් භාෂා දෙපාර්තමේන්තුව,
341/7, කොට්ටේ පාර,
රාජගිරිය.

භාෂා විද්‍යාගාරයේ උපයෝගීතාව

  • ශ්‍රව්‍ය, දෘශ්‍ය මාධ්‍යය භාවිතය.
  • ප්‍රායෝගික භාෂා භාවිතය හුරු කිරීම.
  • වැඩිහිටි අධ්‍යාපනය තුළ භාෂාව රසවත්ව ඉගෙනීමට අවස්ථාව උදා වීම.
  • භාෂාවක සංස්කෘතිය, පරිසරය භාෂා විද්‍යාගාරය තුළ නිර්මාණය කිරීමේ හැකියාව.
  • නිවැරදි උච්ඡාරණය පුහුණු කරවීම.
  • විශ්වාසනීය ඉගෙනුම් හා ඇගයීම් ක්‍රමවේද හඳුනා ගැනීම.

අපගේ ප්‍රධාන භාෂා පාඨමාලා

විෂයය පාඨමාලාව සංකේත අංකය පැය ගණන
සිංහල මූලික සිංහල
උසස් සිංහල
BS/01/02
AS
50
දෙමළ මූලික දෙමළ
උසස් දෙමළ
විශේෂ කථන පුහුණු දෙමළ
BT
AT
SSTT
50
ඉංග්‍රීසි මූලික ඉංග්‍රීසි
උසස් ඉංග්‍රීසි
විශේෂ කථන පුහුණු ඉංග්‍රිසි
BE
AE
SSTE
50
විදේශ භාෂා මූලික ජපන්
මූලික ජර්මන්
මූලික ප්‍රංශ
උසස් ප්‍රංශ
මූලික චීන
උසස් චීන
මූලික හින්දි
BJ
BG
BF
AF
BC
AC
BH
50
IELTS - IELTS 50

විශේෂ පාඨමාලා

රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව වෙත භාෂා පුහුණු සම්බන්ධයෙන් විවිධ ආයතනයන් හා පුද්ගලයන් විසින් ඉල්ලීම් ඉදිරිපත් කරනු ලැබේ. ආයතනික අවශ්‍යතා පදනම් කර ගනිමින් රාජ්‍ය, රාජ්‍ය නොවන ආයතනයන් හා පුද්ගලයන් විසින් කරනු ලබන ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ආයතනගත වැඩසටහන් භාෂා විද්‍යාගාරය මඟින් සංවිධානය කරදෙනු ලබයි. භාෂා විද්‍යාගාරයේ දැනට පවතින ඉල්ලුම හා පහසුකම් මත එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය භෞතික සම්පත් ප්‍රමාණවත් නොවන බැවින් හඳුනාගත් සුවිශේෂිත වැඩසටහන් ලෙස මෙම වැඩසටහන් වෙනම විෂය නිර්දේශයක් යටතේ එක් එක් ආයතනයන්හි පරමාර්ථයන් හා දැක්ම අරමුණු කරගනිමින් සකස් කරනු ලබන පාඩම් ආශ්‍රිතව කඩිනම් වැඩසටහන් ලෙස ක්‍රියාත්මක වේ.

රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන් ඒ ආයතනයන් අපේක්ෂිත අරමුණු හා ඉලක්ක සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් භාෂා විද්‍යාගාරයේ සම්බන්ධීකරණයෙන් යුතුව ක්‍රියාත්මක වේ. එහි දී ආයතනයන්හි අභිමතාර්ථයන්ට අනුව අවසාන ඇගයීම් පරීක්ෂණ සිදු කරනු ලබන අතර පාඨමාලාව අවසානයේ සහතිකපත් ප්‍රදානය සිදු කරනු ලැබේ.

ක්ෂේත්‍රයේ පලපුරුදු හා සුදුසුකම්ලක් ප්‍රවීණ ආචාර්ය මණ්ඩලයක් විසින් භාෂා පාඨමාලා මෙහෙයවනු ලබයි.

උපදේශකවරුන්ගේ නාම ලේඛනය

භාෂා විද්‍යාගාරය පිළිබඳ අදහස් දැක්වීම්

ශිෂ්‍යයෙක් - සිංහල ගුරුවරයෙක් - ජපන්
ශිෂ්‍යාවක් - සිංහල ශිෂ්‍යාවක් - ජපන්
ශිෂ්‍යාවක් - දෙමළ ගුරුවරයෙක් - ප්‍රංශ
ශිෂ්‍යාවක් - ඉංග්‍රිසි ශිෂ්‍යයෙක් - ප්‍රංශ
ශිෂ්‍යයෙක් - ඉංග්‍රිසි ගුරුවරයෙක් - ජර්මන්
ගුරුවරයෙක් - හින්දි ශිෂ්‍යයෙක් - ජර්මන්
ශිෂ්‍යාවක් - හින්දි ගුරුවරු - සිංහල/ ඉංග්‍රීසි/ දෙමළ