• අධි ශ්‍රේණි පුස්තකාලයක් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව සතු වේ.
  • රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ පුස්තකාලය භාෂාව පිළිබදව ලියැවුණු හා භාෂාව හා සමාජ ඵ්කාබද්ධතාව පිළිබඳ තොරතුරු ඇතුළත් වටිනා හා දුර්ලභ ග්‍රන්ථ රාශියකින් මෙන්ම ශබ්දකෝෂ හා විශ්වකෝශ වලින් ද සමන්විත වේ.
  • ආයුර්වේද දෙපාර්තමේන්තුව වැනි ආයතන විසින් පළ කරනු ලැබූ දුර්ලභ ග්‍රන්ථ ද දෙපාර්තමේන්තු පුස්තකාලය සතු වේ.
  • ඔබ උපාධියක් හෝ පශ්චාත් උපාධියක් හදාරන්නේ නම් හෝ භාෂා පර්යේෂණවල නියැලෙන්නේ නම්, රාජ්‍ය භාෂා කොමසාරිස් තුමාගේ අනුමැතිය සහිතව ඔබට මෙම දෙපාර්තමේන්තු පුස්තකාලය පරිහරණය කළ හැකි ය.
  • අප පුස්තකාලයේ ඇති ග්‍රන්ථ පරිගණක සුචියකට ඇතුළත් කොට ඇති බැවින් ඔබට අවශ්‍ය තොරතුරු ඉතා පහසුවෙන් ලබා හැකි ය.
  • එමෙන්ම අප පුස්තකාලයේ දත්ත ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය මඟින් පවත්වාගෙන යනු ලබන ජාතික ඒකාබද්ධ සුචියට ද (National union catalogue) ඇතුළත් කොට තිබේ.