logo

ඔබගේ දෙවන භාෂා හැකියාව මැන බැලීමට අවශ්‍ය වන්නේ නම් එය ඉටු කර දීම අපගේ සතුටයි.

රාජ්‍ය භාෂා ප්‍රවීණතා විභාගය යනු කුමක්ද?

තම මව් භාෂාව හැරුණු විට අනෙක් (දෙවන) රාජ්‍ය භාෂාවෙන් සේවා සැපයීමට පුද්ගලයෙකු සතු හැකියාව තක්සේරු කිරීම සඳහා පවත්වන ලිඛිත හා වාචික පරීක්ෂණයකි

කවුරුන් සඳහාද ?

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක : 03/2007,07/2007 හා 01/2014ට අදාළ වන සේවා නියුක්තිකයින්ට මෙම විභාගයට පෙනී සිටිය හැකිය

විභාග පැවැත්වීම

සේවා කාණ්ඩය අනුව I, II, III මට්ටම් යටතේ හෝ I, II, III, 1V මට්ටම් යටතේ සිංහල හා දෙමළ මාධ්‍යයෙන් විභාගය පැවැත්වේ. මෙම විභාගය ලිඛිත හා වාචික යනුවෙන් කොටස් දෙකකින් සමන්විතය. ලිඛිත විභාගය ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් වසරකට දෙවරක් දීප ව්‍යාප්තව ද, වාචික පරීක්ෂණය රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් පළාත් මට්ටමින් ද පවත්වනු ලැබේ.

විභාගයට ඉල්ලුම් කිරීම

ඔබ රාජ්‍ය භාෂා ප්‍රවීණතාවය සපුරා ගත යුත්තෙක්ද? එසේ නම් ඔබගේ අයදුම්පත් රාජ්‍ය භාෂා කොමසාරිස් ජනරාල් විසින් ප්‍රසිද්ධ කරනු ලබන රජයේ ගැසට් නිවේදනයට අනුකූලව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වෙත යොමු කරන්න. රාජ්‍ය භාෂා ප්‍රවීණතා ලිඛිත විභාගයට ඔබව කැඳවනු ඇත.

  • සේවා කාණ්ඩය අනුව ඔබ III වන මට්ටමට අයත් නම් ලිඛිත විභාගයෙන් අවම වශයෙන් ලකුණු 16ක් ද, II හෝ I වන මට්ටමට අයත් නම් අවම වශයෙන් ලකුණු 28 ක් ද ලබා ගත්තේ නම් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව වාචික පරීක්ෂණයට ඔබව කැඳවනු ඇත.
  • රා. පරි. චක්‍රලේඛ අංක 01/2014 යටතේ ගැනෙන අ.පො.ස. (සා.පෙ.) දෙවන බස සමත් නිලධාරියෙකු නම් ඒ සදහා වන රජයේ ගැසට් නිවේදනයකින් වාචික පරීක්ෂණයට කැඳවනු ලැබේ.
  • අනුමාන වසර 03 ක් ඇතුළත ලිඛිත හා වාචික යන කොටස් දෙක සම්පූර්ණ කිරීමේ හිමිකම ඔබට ඇත.

ප්‍රතිඵල හා සහතිකපත් ලබාදීම

  • විභාගයේ කොටස් දෙකටම පෙනී සිටීමෙන් පසු ඔබගේ ප්‍රතිඵල නිකුත් කරනු ලැබේ.
  • ලිඛිත හා වාචික කොටස් දෙකම ඔබ සාර්ථකව සම්පූර්ණ කර ඇත්නම් තවදුරටත් ඔබව ඇගයීමක් වශයෙන් ඝන කඩදාසියේ මුද්‍රිත සහතිකයක් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් ඔබට පිරිනමනු ලැබේ.

මෙම විභාගය සමත් වූ පසු භාෂා දීමනාව ලබා ගත හැකිද ?

  • ඔබ 2007.07.01 දිනට පෙර පත්වීම ලබා ඇති නිලධාරියෙකු සහ විභාගය අයදුම් කර සමත්ව ඇත්තේ රා. පරි. චක්‍රලේඛ 03/2007 ට අදාළව නම් එහි සඳහන් පරිදි දිරිදීමනා ඔබගේ ආයතන ප්‍රධානි මඟින් ලබා ගත හැකි ය.