රටේ පැවති අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් කල් දමන ලද ඉහත තනතුරු සඳහා බඳවා ගැනීමේ තරඟ විභාගය 2026.03.10,11 හා 12 යන දිනවල නුගේගොඩ, නාවල, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
මෙම විභාගයට අදාළව 2025.11.27 දින පැවැත් වූ දෙමළ භාෂාව හා දෙමළ භාෂා පරිවර්තන ප්‍රශ්න පත්‍ර අවලංගු කරනු ලැබේ. ඒ අනුව එදින විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් ද නැවත එම විෂයයන් සඳහා පෙනී සිටිය යුතු ය.
විභාගය පැවැත්වීමට අදාළ විභාග ප්‍රවේශ පත්‍ර 2026.02.16 දින සිට තැපැල් මාර්ගයෙන් සියලු ම විභාග අපේක්ෂකයින් වෙත නිකුත් කිරීමට කටයුතු යොදා ඇති බව දැනුම් දෙනු ලැබේ.
වැඩිදුර විමසීම් සඳහා දුරකතන අංක 011-2889506
රාජ්‍ය භාෂා කොමසාරිස් ජනරාල්



