එක් භාෂාවකින් තවත් භාෂාවකට යම් කෘතියක් පරිවර්තනය කිරීම හෝ හොඳ ලේඛකයෙක් වීම සඳහා පරිවර්තකයා හෝ ලේඛකයා තම කෘතිය හා සම්බන්ධ භාෂාවන්ට ඉතා සමීප පුද්ගලයකු විය යුතුය. එසේ වූවහොත් ලේඛකයා ලියු දේ හෝ පරිවර්තකයා පරිවර්තනය කළ දේ පහසුවෙන් පාඨකයින්ට තේරුම් ගත හැකි හා වඩාත් සිත් ගන්නා නිර්මාණයක් වනු ඇත.

එසේ නොවූවහොත් පාඨකයාට නුහුරු නුපුරුදු එනම් තේරුම් ගැනීමට අපහසු කෘතියක් බිහි විය හැකිය. භාෂාවක් තේරුම් ගැනීම වඩාත් පහසු කිරීම සඳහා එම භාෂාවට නිරන්තරව එක්වන විවිධ අව වහර, තාක්ෂණික යෙදුම්, නිල යෙදුම් (විෂයානුරූප බස), ආප්ත වාඛ්‍ය, රූඪි, ප්‍රස්ථාව පිරුළු යනාදිය පිළිබඳ මනා අවබෝධයක් ලබා දී ලේඛකයෙකු හෝ පරිවර්තකයෙකුගේ ශෛලිය, ස්වරූපය සහ පැහැදිලිතාව ආරක්ෂා කිරීම සඳහා භාෂා ආධාරක සම්පාදනය කිරීම සඳහා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ භාෂා පර්යේෂණ ඒකකය විසින් අඛණ්ඩ පර්යේෂණයන් සිදු කරයි.

ඔබ ද එසේ භාෂා පර්යේෂණ කටයුතු වල නියැලේනේ නම් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ භාෂා පර්යේෂණ ඒකකය හා එක්ව පර්යේෂණ කෘතීන් පරිහරණය කර එහි අනාගත අභිවෘද්ධිය සඳහා අවශ්‍ය වන්නාවූ එබගේ වටිනා අදහස් හා යොජනා අප වෙත යොමු කරන්න.